සල්ලි තියනවනම් මෙන්න වැඩ...

          මොනිටර් දෙක තුනකින් ලස්සනට ගේම් එකක් ප්ලේ කරමුද?...




එක් පරිගණකයකට මොනිටර් 2 ක් හෝ කිහිපයක් සම්බන්ධ කිරීම multiple monitor ලෙස හදුන්වයි. මේ සදහා අදාල පහසුකම සපයන VGA card 1ක් පරිගණකයේ තිබිය යුතුයි.සමහර mother board වල ඇති on board VGA 1ද multiple monitor පහසුකම සපයයි.එවිට තවත් VGA card 1ක් පරිගණකයට install කිරීම
මගින් VGA card දෙකම එකවර ක්‍රියාත්මක වීමට පටන් ගනී. එනම් පිටතින් VGA card එකක් සවි කල විට ඔන්බෝඩ් VGA card එක disable නොවී multiple monitor ක්‍රමයට ක්‍රියාත්මක වෙයි. එවිට එම VGA Ports දෙකටම monitor 2ක් සම්බන්ධ කල හැකි වේ. මොනිටර් කිහිපයක් සවි කළහැකි (2 සිට 4 දක්වා) VGA card ද ඔබට‍ මිලදී ගත හැක.
එක් VGA card එකක විවිධ වර්ගයේ VGA out සහිතව ports ඇති VGA card ද ඒ අතර වෙයි. මේවා අතර VGA, S-Video, DVI ලෙස VGA output දැකිය හැක. අද වැඩි දෙනෙක් භාවිත කරන ලැප්ටොප් වල නම් මේ ports දැකිය හැක.
VGA වලින් නිකුත් වන්නේ analog ආකාරයේ සංඥාය CTR හා LCD monitor වල භාවිත වන්නේ මේ analog signal ය. DVI ports වලින් නිකුත් වන්නේ Digital signal වන අතර ඒවාට සම්බන්ධ කරන්නේ නවීන LCD monitor ය.
multiple monitor තේරිය හැකි ක්‍රම ,
මොනිටර් දෙකේම එකම දර්ශනය ලබා ගැනීම (mirror)
මෙහිදී projector වැනි උපකරණයක් සම්බන්ධ කල හැක.
පරිගණක තිරය දෙකට බෙදා ලැබෙන කොටස් දෙක වෙනමම මොනිටෙර් දෙකක පෙන්වීම
මෙහිදී VGA Card එකේ features අනුව පරිගණක තිරය සිරස් හෝ තිරස් අතට දෙකට බෙදා ගත හැක. මේ ක්‍රමයේදී පුළුල් තිරයක් ලැබේ. මෙවිට තිරයේ වම්පස සිට මවුස් පොයින්ටරය දකුණු කෙලවරට ගෙන යන විට අනික් තිරයට මාරු වේ. මොනිටර් 2 ක් තිබුනත් පරිගණකයට අනුව එහි එක් මොනිටරයක් ඇත.
multiple monitor සකස් කර ගැනීම
පළමුවෙන් multiple monitor පහසුකම සහිත on board VGA හෝ VGA card එකක් ඔබගේ පරිගණකයේ තිබිය යුතයි.දැන් අදාල මෘදුකාංගය driver CD මගින් install කර ගත යුතුයි. දැන් Device manager හරහා VGA card 1 එක පරික්ෂ කිරිමෙදී එහි Display Adapter 2ක් පෙන්විය යුතුය.එසේම ඉන්ස්ටෝල් වීම
හා VGA card එක තේරීම නිවැරදිව සිදුකලේ නම් එම VGA ඇඩප්ටර් වල "කතිර" ලකුණ හෝ error ලකුණ නොමැතිව තිබිය යුතුය. මේ සියල්ල හරි නම් Control Panel එකේ ඇති Display --> Display Settings වෙත යන්න. එහි Display ලෙස ඇති Drop down menu තුලින් අවශ්‍ය Display වර්ගය තේරිය හැකිය .
මෙහි මොනිටර් දෙක සදහා නම් 1 හා 2 ලෙස දැක්වේ. මේවගෙන් එක එකක් select කර screen resolution, color settings ආදිය සිදුකළ හැක. Multiple Monitor ක්‍රියාත්මක කිරීමට මොනිටර් සවි කර ඒ එක් එක් ස්ක්‍රීන මත right click කර active විධානය ලබාදෙන්න. මෙහිදී screen හදුනා ගැනීමට identify button එක මත ක්ලික් කරන්න .එවිට අදාල ස්ක්‍රීන් 1 පමණක් පෙන්වයි.
විශේෂ කරුණු
ඔබගේ කර්සරය මෙන්ම ඕනෑම වින්ඩෝවක් මොනිටර් දෙක අතර ගමන කරවිය හැක.
යම වින්ඩෝවක් විශාලනය කල විට වින්ඩෝව වැඩි වශයෙන් අයත් වන screen එක මත විශාලනය වෙයි. මේ නිසා window දෙකක් screen දෙක මත වෙන වෙනම විශාලනය කල හැක.මෙමගින් එක් තිරයක වැඩක යෙදෙන විට අනෙක් තිරය මත චිත්‍රපටයක් වුවත් නැරඹිය හැක.
පරිගණකය ක්‍රියාත්මක කල විගස ක්‍රියාත්මක වන්නේ එක් මොනිටරයක් පමණි. පසුව අනෙකද ක්‍රියාත්මක වේ,
screen දෙක සදහා වෙනම VGA Ram භාවිත වුවත් පරිගණකයේ main memory පොදු නිසා speed එක මදක් අඩුවේ.





මතක තියාගන්න එක් මොනිටරයක් ගලවා ඉවත් කරනවිට display settings වෙනස් කරන්න.නැතහොත් open කරන window අනිත් screen එකට ගමන් කරයි.



Comments

Popular posts from this blog

අඩු MB ගානකින් ලොකු GB ගානක ගේම් ඩවුන්ලෝඩ් කරගන්න කැමතිද?

Call of Duty Black ops 2 ගේම් එක තමයි මම අද ඔයාලට ගෙනාවෙ...

Grand Theft Auto (GTA) IV ඩවුන්ලෝඩ් කරමුද 7 MB වලින්....